නාවික හමුදා සෙබලුන් 4 දෙනෙකුට ප්‍රහාරයක්

Wednesday, 19 October 2016 - 14:27

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මන්නාරම - අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදා සෙබලුන් 4 දෙනෙකුට ගම්වාසීන් විසින් පහරදී තිබෙනවා.

සිලාවතුර පොලිසිය සදහන් කළේ කේරළ ගංජා තොගයක් ඊයේ අත්අඩංගුවට ගැනීමට ගිය සෙබලුන් පිරිසකට ගම්වාසීන් විසින් මෙලෙස පහරදී ඇති බවයි.

පහරකෑමට ලක්ව තුවාල ලැබූ එක් නාවික හමුදා සෙබලෙකු මන්නාරම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories