යොවුන් තරුණියක් අමානුෂිකව දූෂණය කර මරාදමලා

Thursday, 20 October 2016 - 10:12

%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F
Lucia Perez නම් ආර්ජන්ටිනාවේ යොවුන් තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් නිසා එරට කාන්තාවන් සේවාවලින් ඉවත්වී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

16 හැවිරිදි වියේ පසුවන මෙම ලුසියා පෙරේස් නමැති මෙම තරුණිය ආර්ජන්ටියාවේ, මාර් ඩෙල් ප්ලාටා නගරයේදී ඝාතනය වී තිබුණේ මේ මස මුල් කාලයේදීය.

පසුගිය 8 වැනිදා තරුණයන් දෙදෙනෙකු විසින් ඇය රෝහලකට ඇතුලත් කර තිබුණේ මත්ද්‍රව්‍ය අධික ලෙස ලබාගෙන ඇති බව පවසමින්.

රෝහලට ඇතුලත් කිරීමට පෙර ඔවුන් විසින් මෙම තරුණියව නහවා, ඇයට අලුත් ඇඳුම් අන්දවා රෝහල් ගතකර තිබෙනවා.

පසුව වෛද්‍යවරයා විසින් ඇයව පරීක්ෂා කිරීමෙන් පසුවයි ඇයට බරපතල ලෙස ලිංගික අතවර කර ඇතිබව හදුනාගෙන ඇත්තේ.

ඉතාමත් අමානුෂික ලෙස මෙම තරුණිය දූෂණය කර ඇති අතර අධික රුධිර වහනය වීමක් නිසා ඇය ජීවිතයෙන් සමුගෙන තිබුණා.

මෙයට එරෙහිව කාන්තා පා ගමනක් ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් එයාර්ස් හිදී ආරම්භ කර ඇති අතර මීට සහභාගී වන සියලු කාන්තාවන් කළු වර්ණයන්ගෙන් සැරසී පැමිණ ඇත්තේ සිය රාජකාරී වේලාවන් අතරතුරය.

ඇයගේ මරණයට පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර දූෂණය කර මරා දැමීමට පෙර මත්ද්‍රව්‍යයක්ද ඇයට ලබාදී ඇතිබව හෙළිව තිබෙනවා.

මෙම නඩුව මෙහෙයවූ ඉසබෙල් සැන්චේස් පවසා ඇත්තේ මෙවැනි ප්‍රකාශයක් කිරීම එතරම් වෘත්තීය ක්‍රියාවක් නොවුණත්, තමාද මවක් හා ගැහැණියක් ලෙස මීට පෙර ස්ත්‍රී දූෂණ නඩු රැසක් පිළිබඳ අත්දැකීම් තිබුණත් මේ ආකාරයේ අමානුෂික ක්‍රියාවක් අසන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවයි.

මීට සමාන අමානුෂික සිද්ධියක් ගැන නඩුවක් තම ජීවිතයේ මින්පෙර කිසිදා අසා නොතිබූ බවත් ඇය පවසා තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories