අල්ලස් කොමිසමෙන් ගිය දිල්රුක්ෂිට නව පත්වීමක්

Thursday, 20 October 2016 - 10:24

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අල්ලස් කොමිසමේ අධ්‍යක‍ෂ ජනරාල් තනතුරෙන් ඉල්ලා අස්වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස අද පෙරවරුවේ යළි වැඩ ආරම්භ කර තිඛෙනවා.

ඇය අල්ලස් කොමිසමේ අධ්‍යක‍ෂ ජනරාල්වරිය ලෙස පත්වීමට පෙර කටයුතු කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙසයි.

පසුගිය 17 වනදා අධ්‍යක‍ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වූ දිල්රුක්ෂි වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ ජනාධිපතිවරයා පිළිගෙන තිබුණා.

ඒ අනුව අල්ලස් කොමිසමේ වැඩබැලීම සඳහා එහි නියෝජ්‍ය අධ්‍යක‍ෂ ජනරාල්වරියක් ලෙස කටයුතු කරන සුනේත්‍රා ජයසිංහ පත්කළා.

මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත  සේනාරත්න සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සිය බ්‍රසල්ස් සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories