නිවාස රැසකට හානි කරමින් පොළොන්නරුවට තද සුළං තත්වයක්

Thursday, 20 October 2016 - 11:46

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශය හරහා ඊයේ (19) දා රාත්‍රී හමා ගිය තද සුළගකින් නිවාස රැසක් විනාශ වී තිබෙනවා.

වැලිකන්ද සිංහපුර කඩවත ,මඩුවලමහින්දාගම,මගුල් පොකුණ යන ගම්මාන හරහා  හමා ගිය සුළග පැය එක හමාරක පමණ කාලයක් පැවති බව සදහන්.

මේ සම්බන්ධයෙන් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර මහතාගෙන් අප කල විමසුමකදී කියා සිටියේ ඇති වූ සුළං තත්වය හේතුවෙන්  නිවාස 27 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවත් ඔවුන්ට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ දිවයිනට බලපා ඇති අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම් හේතුවෙන් වැසිත් සමඟ තාවකාලික තද සුළං ඇතිවිය  හැකි බවයි.

පෙරවරු අටයි තිහෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ වාකරේ ප්‍රදේශයටයි.  එය මිලිමීටර 89 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories