ඩොනල්ඞ් ට්‍රම්ප් අනතුරුදායකයි - ඔබාමා

Friday, 21 October 2016 - 6:59

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F
ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගත නොහැකි බවට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ඉගිය අනතුරුදායක බව ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා.

ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සමග සිය අවසාන රූපවාහිනි විවාදයට එක්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් මැතිවරණයේ ප්‍රතිඵලය පිළිගන්නේ ද යන්නට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළා.

පසුව ඔහු කියා සිටියේ තමා ජයගතහොත් පමණක් එම ප්‍රතිඵලය පිළිගත හැකි බවයි.

මයාමි හිදී හිලරි ක්ලින්ටන් වෙනුවෙන් ජනහමුවකට එක්වූ ජනාධිපති ඔබාමා කියා සිටියේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය ඍජුවම ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories