රු.එක්කෝටි 16 ලක්ෂයක මැණික් රටින් පිට කිරීමට තැත් කළ චීන කත රේගු දැලේ

Friday, 21 October 2016 - 8:12

%E0%B6%BB%E0%B7%94.%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+16+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධීව චීනයට රැගෙන යාමට උත්සාහ දැරූ 26 හැවිරිදි චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඊයේ රාත්‍රී 11 ට පමණ චීන ගුවන් සේවයට අයත් ගුවන් යානාවකින් අදාළ කාන්තාව බීජිං නුවර බලා පිටත්ව යාමටයි පැමිණ ඇත්තේ.

මෙම කාන්තාවගේ ගමන් මල්ල තුල සගවා තිබූ මැණික් ගල් 247 ක් එහිදී රේගුව විසින් සොයා ගනු ලැබුවා.

අදාළ මැණික් තොගය රාජසන්තක කළ අතර චීන ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කර තිඛෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories