දලයිලාමාට මිලාන් නුවරින් ගෞරවණීය පුරවැසිකමක්

Friday, 21 October 2016 - 9:05

%E0%B6%AF%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80%E0%B6%AB%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයිලාමා තුමාට ඉතාලියේ මිලාන් නගරය ගෞරවණිය පුරවැසිභාවයක් පිරිනමා තිඛෙනවා.

දලයිලාමාතුමාට මෙම පුරවැසිභාවය ඊයේ පිරිනමා ඇත්තේ මිලාන් නගරාධිපතිවරයා විසින්. ඔහු අග්‍රාමාත්‍ය මැටෙයෝ රෙන්සිගේ පාක්ෂිකයෙකු වන අතර, දලයිලාමාතුමා සමඟ ගත් ඡායාරූපයක් ද සිය ට්විටර් පිටුවට එක් කළා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉතාලියේ මිලාන් නගරය අතීතයේ, වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද විවෘත නගරයක් වන බවයි.

කෙසේ නමුත්, මෙම පියවර චීනය දැඩි උදහසට පත්කරනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. 1950 දී ටිබෙටයේ පාලනය චීන කොමියුනිස්ට්වරුන් අත්පත් කර ගත් පසු දලයිලාමාතුමා විදේශගතව සිටින අතර, නොඛෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories