පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව වටලයි (ඡායාරූප)

Friday, 21 October 2016 - 12:07

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බීමට පිරිසිදු ජලය ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (21) උදෑසන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව වටලනු ලැබුවා.

අප වාර්තාකරු සදහන් කළේ පනාමුල්ල, බටපොල, නාමල්සෙවණ, දෙල්ගහබැද්ද සහ කිරිමැටිය ආදිය ප්‍රදේශවල ජනතාව ප්‍රාදේශීය සභා ඉදිරිපිටට පැමිණ අද උදෑසන උද්ඝෝෂණයක නිරත වූ බවයි.

පසුව ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරයාට ඉන් පිටතට පැමිණීමට ඉඩ ලබා නොදී ප්‍රාදේශීය සභාව වටකර ඇති බවටයි වාර්තා වන්නේ.

එම තත්ත්වය සමතයකට පත් කිරීම සදහා පොලිසිය ද කැදවා තිබෙනවා.

මේ අතර, අම්පාර - මහඔය ප්‍රධාන මාර්ගය නුවරගලතැන්න මහා විද්‍යාලය අසලින් අවහිර කරමින් එම විදුහලේ දෙමාපියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

ඒ එම පාසලේ 6 වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ප්‍රමාණවත් ගුරුවරුන් නොමැති වීමට විරෝධය දක්වමින්.



ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories