කල්පිටියේ ධීවර විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක්

Friday, 21 October 2016 - 12:12

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පුත්තලම - කල්පිටිය මාර්ගයේ කුරුඤ්ඤන්පිටිය ප්‍රදේශයේ අද (21) උදෑසන පැවැත්වූ ධීවර විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

පොලිසිය සඳහන් කළේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට සිදුව ඇති බවයි.

ලයිලා දැල් භාවිත කරමින් සිදුකරන මසුන් මැරීමට විරෝධය පළ කරමින් ධීවරයින් පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර තිබුණා.

තම ගම්මානයට පිවිසෙන මාර්ගය අවහිර වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවන ධීවරයින් සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

පසුව පොලිසිය මැදිහත්ව එය පාලනය කර ඇති අතර, ගැටුමෙන් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බවද වාර්තා වනවා.

මේ අතර, ධීවර විරෝධතාව මගින් මාර්ගය අවහිර කිරීමට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් ද නිකුත් කළා.

කල්පිටිය පොලිසිය කළ ඉල්ලීමකට අනුව අධිකරණය නියෝග කළේ අදාළ විරෝධතාව අත්හිටුවන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories