මෙරට සුළු ජාතික කටයුතු වෙනුවෙන් පූර්ණ බලැති ස්වාධීන කොමිසමක් පිහිටුවිය යුතු බවට ජගත් සංවිධානය යෝජනා කරනවා.
ශ්‍රී ලංකාවේ දසදින සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු ජාතීන් පිළිබද විශේෂ නියෝජිත රීටා අයිසැක් නැඩියා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී මෙන්ම, ජන ප්‍රජාවන් අතර සම්බන්ධතා ගොඩනැගීමේදී එය වැදගත් වනු ඇති බවත් ඇය සදහන් කළා.
කෙසේ නමුත්, වත්මන් රජය ප්‍රගතිශීලි පියවර රැසක් ගෙන ඇති බවයි ඇය එහිදී කියා සිටියේ.
‘‘වර්තමාන පරිපාලනය ගෙන ඇති ප්‍රගතිශීලි පියවර කිහිපයක් ප්‍රශංසාවට ලක් කළ යුතුයි. විශේෂයෙන් දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිහිදී ජනතා අදහස් ලබා ගැනීම වැදගත් ප්‍රවණතාවක්. පොදු ජනතාව සහ සිවිල් සමාජයේ නියෝජිතයන්ගේ අදහස් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී මෙන්ම, එම යාන්ත්‍රණයන් සැකසීමේදී ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඇත්තෙන්ම එය ජනතාව තුළ සුබවාදී බලාපොරොත්තු ජනිත කරනවා තමන්ගේ අපේක්ෂාවන් ව්‍යවස්ථානුකූල කළ හැකි බවට. ජාතික මානව හිමිකම් කොමිසම ද සියලූ ජනවර්ග සහ ආගමික අංශවල දායකත්වය ලබා ගෙන තිබෙනවා. කෙසේ නමුත්, සුළු ජාතීන් තවදුරටත් තීරණ ගැනීමේ අනෙකුත් අංශවලින් සහ බල ව්‍යූහයන්ගෙන් ඈත්කර ඇති බව පෙනී යන කරුණක්.’’
දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකින් පසුව සාමකාමී සහජීවනය පවත්වා ගැනීම සදහා පරිපූර්ණ, සැලසුම් කළ සහ මනා සම්බන්ධීකරණයකින් යුත් සත්‍යය, සංහිඳියා සහ වගවීම් ක්‍රියාවලියක් තිබිය යුතු බවයි ජගත් සංවිධාන නියෝජිතවරිය පෙන්වා දුන්නේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ සියලූම සුළු ජාතීන්ට ගෞරවණීයත්වයක් සහිතව සමානාත්මතාවකින් යුතුව සිය අනන්‍යතාව රැක ගැනීමට තමන් කැපවී සිටින බව ලක් රජය ප්‍රදර්ශනය කළ යුතු යැයි බව ඇය සදහන් කළා.
සුළු ජාතීන් පිළිබද ජගත් සංවිධාන විශේෂ නියෝජිතවරියගේ නිල වාර්තාව ලබන වසරේ මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories