ඖෂධ මිළ අඩු කෙරෙන ගැසට් පත්‍රයට අත්සන් තැබේ

Friday, 21 October 2016 - 13:42

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B7%85+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B7%8A
ඖෂධ වර්ග 48 ක මිළ අඩු කිරීමේ ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අත්සන් තබා තිබෙනවා.

එම ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේයි ඖෂධ 48 ක මිළ අඩු කිරීම සිදුවන්නේ.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල මෙලෙස පහත දමන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගියදා පැවති මහාචාර්ය සේනක බිබිලේ ගුණසමරු උත්සවයට එක්වෙමින්.

මෙම මිල අඩු කිරීම උපරිම සිල්ලර මිල න්‍යාය යටතේ සිදුකෙරන අතර, ඉදිරියේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඒ සදහා දිගුකාලීන ක්‍රමවේදයක් හදුන්වාදීමට නියමිතයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories