අවුල නම සහ මල ද? - මිහින්ලංකා සේවකයන්ට ප්‍රශ්නයක්

Friday, 21 October 2016 - 18:17

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B6%B1%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%BD+%E0%B6%AF%3F+-+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මිහින්ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමඟ ඒකාබද්ධ කිරීම මත තම සේවක සේවිකාවන්ගේ රැකියා අහිමි කිරීමට පාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බවට මිහින්ලංකා සේවක සංගමය චෝදනා කරනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ කැදවුම්කරු ෂහිකා සහීඩ් කියා සිටියේ ගුවන් සමාගමේ ලාංඡනය පිළිබඳව පවතින ප්‍රශ්නයක් හේතුවෙන් මෙම ක්‍රියාදාමයට එළඹීමට රජය තීරණය කර ඇති බවයි.

ගැටළුව, නම සහ මල පිළිබඳව නම් එය වෙනස්කිරීම පමණක් සිදුකළ යුතු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම ගුවන් සමාගමේ සේවක සේවිකාවන්ට පහළ මට්ටමේ තනතුරු ලබාදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට බදවා ගැනීමේ සූදානමක් පවතින බව ද ඇය ප්‍රකාශ කළ අතර ඊට මිහින්ලංකා ගුවන් සමාගමේ ගිණුම් අංශයේ සේවකයෙකු ද මැදිහත් වුණා.

මිහින්ලංකා ගුවන් සමාගමේ ක්‍රියාකාරී කටයුතු මේ මස 30 වන දිනෙන් පසු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පවරා ගැනීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට මිහින් ලංකා සමාගමේ සේවක සේවිකාවන් 300ක් පමණ සේවය කරනු ලබනවා.

ඔවුන්ගෙන් 67 දෙනෙකු ස්ථීර සේවකයන් වන අතර, අනෙකුත් සේවකයන් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන්නන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories