බැදුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව කල් යන ලකුණු

Saturday, 22 October 2016 - 12:53

%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සකස් කෙරෙන කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා වාර්තාව දින කිහිපයකින් කල් යාමේ තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

භාෂා පරිවර්තනය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරි තත්ත්වය ඊට හේතුවයි.

කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති සදහන් කළේ සදුදා දිනයේ ද කෝප් කමිටුව යළි රැස්වන අතර, එම සියලු කරුණු ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කර 25 වන අගහරුවාදා දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දුෂ්කරතාවයක් පවතින බවයි.

කෙසේ වෙතත්, ලබන පාර්ලිමේන්තු සතිය තුළ අදාළ වාර්තාව ඉදිරිපත් කරන බව කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මාස 16 ක කාලසීමාවක් තුළ කෝප් කමිටු විමර්ශනය සිදුකෙරුණු අතර, පසුගිය දින කිහිපය තුළ එහි අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණා.

විශේෂයෙන්ම මේ වනවිට කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමන්ගේ වාර්තාව සකස් කර අවසන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ.

කෙසේ වෙතත්, කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 26 දෙනාගෙන් ඇතැම් පිරිස් මෙම වාර්තාව පිළිගෙන ඇති අතර, තවත් පිරිසක් සංශෝධන ඇතුළත් විකල්ප වාර්කාවක් ඉදිරිපත් කළ යුතු බවට නිගමනය කර තිබෙනවා.

ඒ අනුව, බොහෝවිට කෝප් කමිටු සභාපතිවරයාගේ වාර්තාවට අමතරව, තවත් සංශෝධිත වාර්තාවක් ද පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, කෝප් කමිටු අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී දැනට ඉදිරිපත්ව තිබෙන භාෂා පර්වර්තන දුෂ්කරතා මග හරවා ගැනීම සදහා කතානායකවරයාගෙන් ද සහයෝගය ඉල්ලා ඇති බවයි කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති අප කළ විමසීමකදී වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories