හලාවත - වෙන්නප්පුව ධීවරයන් මුහුදු යාමෙන් වළකී

Saturday, 22 October 2016 - 14:34

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+-+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%93
මීගමුවේ සහ කල්පිටියේ ධීවරයින් සිදුකරන සත්‍යග්‍රහවලට සහය පළ කරමින් හලාවත සහ වෙන්නප්පුව ධීවරයන් අද මුහුදු යාමෙන් වැළකී සිටියා.

කොළඹ වරාය නගරය ඉදිකිරීම සදහා නොගැඹුරු මුහුදේ වැලි කැපීමට එරෙහිව මීගමුවේ ධීවරයන් විරෝධතාවල නිරත වූ අතර කල්පිටියේ ධීවරයන් එරෙහි වූයේ ලයිලා සහ සුරුක්කු දැල් භාවිතයටයි.

ඔවුන්ට සහාය පළ කරමින් හලාවත ප්‍රදේශයේ ධීවර යාත්‍රා 1300 ක් පමණ මුහුදු යාමෙන් වැළකී සිටි අතර, වෙන්නප්පුව ප්‍රදේශයේ යාත්‍රා 300 ක් පමණ මෙලෙස මුහුදු යාමෙන් වැළකී සිටි බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර, මහානගර සහ බස්නාහිර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (22) මීගමුව මුහුදේ නිරික්ෂණ චාරිකාවක නිරත වුණා.

ඒ, උපවාසයේ නිරතවන ධීවරයින් ප්‍රකාශ කළ පරිදි ගොඩබිමේ සිට කිලෝමීටර 10 කින් එපිට මුහුදේ වැලි කැපීමට හැකියාව ඇත්දැයි සොයා  බැලීම සඳහායි.

එම නිරීක්ෂණ චාරිකාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ කිලෝමීටර 10 ක් එපිටින් මුහුදේ වැලි කැපීම සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පවතින බවයි.





ඡායාරූප - පුත්තලම ජුඩ් සමන්ත / හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories