ඉන්දියානු විදේශ ලේකම් දිවයිනට

Saturday, 22 October 2016 - 16:42

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශංකර් අද පස්වරුවේ දිවයිනට පැමිණියා.

දින තුනක් මෙරට රැඳී සිටින ඔහු රජයේ ප්‍රධානීන් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර ආර්ථික හා වෙළඳ සබඳතා පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ සාකච්ඡා කෙරෙන බවයි මීට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර සහ සුරනිමල නෞකා අද (22) සිට 28 වනදා දක්වා ඉන්දියාවේ පුහුණු කටයුත්තකට එක්වනවා.

එම නෞකා කොළඹ වරායෙන් අද පිටත්ව  ගිය අතර, හෙට කොචින් වරායට ළඟාවීමට නියමිතයි.  

නාවික හමුදාවේ නිලධාරීන් සහ භටයින් 304 දෙනෙකු මෙම සංචාරයට එක්වීමද විශේෂත්වයක්.

ඔවුන් ඉන්දියානු නාවික හමුදාවේ දකුණු විධානයේ පුහුණු පාසල් දෙකක් නිරීක්ෂණය කරන අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකටද එක්වන බව නාවික හමුදාව නිවේදනය කළා.

දෙරටේ නාවික හමුදා අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම මෙහි අරමුණයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories