යාපනයේ සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුවේවි- මහින්ද

Sunday, 23 October 2016 - 7:39

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%92-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
යාපනයේදී සරසවි සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව - සෝමාවතී රජමහා විහාරයේ කඨින පිංකමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ කළුතර බස් නැවතුම්පොල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා.

ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.

විරෝධතාව හේතුවෙන් ගාලු පාරේ එක් මංතීරුවක්ද අවහිර වූ බවයි එහි ගිය හිරු වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories