මියගිය යාපනය සරසවි සිසුවෙකුගේ අවසන් කටයුතු සිදුකෙරේ

Sunday, 23 October 2016 - 16:07

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී මියගිය යාපනය සරසවි සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන නඩරාජා ගජන්ගේ අවසන් කටයුතු අද සිදුකෙරුණා.

ඒ කිලිනොච්චි - ඉරණමඩු පොදු සුසාන භූමියේදීයි.

ඉරණමඩු - බාරදිපුරම් හි පිහිටි සිසුවාගේ නිවසේ සිට දේහය සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබුවේ පෙරහරකින්.

මේ හේතුවෙන් ඒ 9 මාර්ගය පැයක පමණ කාලයක් අවහිර වුණා.

ඊට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ඔවුන් පොලිසියට විරෝධය පළ කරමින් කළුකොඩි, බැනර් සහ පෝස්ටර් රැගෙන ගමන් ගත්තා.

අවමංගල්‍ය පෙරහරට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී නොතිබුණු බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

පසුගිය 21 වැනිදා මධ්‍යම රාත්‍රීයේ මෙම සරසවි සිසුන් දෙදෙනා යතුරුපැදියකින් අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් කණ්ඩාම ඔවුන් නැවැත්වීමට උත්සාහ කර තිබෙනවා.

එහෙත්, අණ නොතකා ගමන් කිරීම නිසා පොලිසිය වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරින් ඒ සම්බන්ධයෙන් කන්කසන්තුරේ පොලිසියට වාර්තා කර නැහැ.

පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී යතුරුපැදිය පැදවූ සිසුවාගේ ශරීරයේ තිබී වෙඩි උණ්ඩයක් හමුවුණා.

අදාළ තරුණයන් දෙදෙනා බීමතින් සිටි බව ද එහිදී හෙළි වූ කරුණක්.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

මේ අතර, මෙම සිසුන් දෙදෙනාගේ මියයාම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් මේ වනවිට යාපනයේදී පැවැත්වෙනවා.

ඊට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන තමිල් අරුසු පක්ෂය, ටෙලෝ, ප්ලොට්, ටී.යූ.ආර්.එල්.එෆ් මෙන්ම ආනන්ද සංගරී නායකත්වය දරන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ 6 ක නියෝජිතයින් එක්ව සිටින බවයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් කියා සිටියේ.





ඡායාරූප -යාපනය  S.N නිබෝජන්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories