හෙට උතුරේ හර්තාල්

Monday, 24 October 2016 - 7:35

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී පසුගිය 21 වනදා සරසවි සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් හෙට දිනයේ උතුර පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව ඊයේ පවත්වනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය, ටෙලෝ, ප්ලොට්, ටී.යූ.ආර්.එල්.එෆ් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යන පක්ෂවල නියෝජිතයින් යාපනයේ පැවති සාකච්ඡාවට එක්ව සිටියා.  

මේ අතර, මියගිය සරසවි සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන නඩරාජා ගජන්ගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණේ කිලිනොච්චි - ඉරණමඩු පොදු සුසාන භූමියේදීයි.

ඉරණමඩු - බාරදිපුරම් හි පිහිටි සිසුවාගේ නිවසේ සිට දේහය සුසාන භූමිය වෙත පෙරහරකින් රැගෙන එනු ලැබූ අතර ඊට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.

මියගිය විජේකුමාර් සුලක්ෂන් නැමති අනෙක් සිසුවාගේ අවසන් කටයුතු යාපනය-උඩුවිල් - මල්වම් ප්‍රදේශයේදී අද සිදු කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories