එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සංවත්සරය අදයි

Monday, 24 October 2016 - 8:25

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+71+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා අදට වසර 71 ක් සම්පූර්ණ වනවා.  

සංවත්සර උත්සවයේ මෙවර තේමාව වී ඇත්තේ ‘‘එක එක්සත් ජාතීන්ගේ සංවිධානයක්’’ යන්නයි.

1945 වසරේ පැවති දෙවන ලෝක යුද්ධයෙන් පසු තවත් ලෝක යුද්ධයක් ඇතිවීම  වැළැක්වීම සහ රටවල් අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අරමුනින් රටවල් 51 ක සාමාජිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වුණා.

අද වනවිට ඊට රටවල් 193 ක් එක්ව සිටින අතර නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ප්‍රධාන උත්සවය සැමරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සරය ඔහුගේ අවසන් සැමරුමද වනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ 71 වන සංවත්සරය  නිමිත්තෙන් මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේද විශේෂ උත්සවයක් සංවිධාන කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories