සරත් කුමාර ගුණරත්න රිමාන්ඩ්

Monday, 24 October 2016 - 8:49

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අත්අඩංගුවට ගත්  හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න නොවැම්බර් මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු අද පෙරවරුවේ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්ෂන්ත එපිටවෙල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2002 වසරේදී මීගමුව - පිල්ලන්දූව ප්‍රදේශයේදී  රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

ඒ අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අද මීගමුව පොලීසියට භාරවීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක අද පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු මන්ත්‍රීවරයා කැඳවා තිබූ බවයි.

ඒ අනුව මේ වනවිටත් පියසිරි විජේනායකගෙන් අදාළ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව හිරු වාර්තාකරු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories