යාපනය සරසවි සිසුන් දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක (ඡායාරූප)

Monday, 24 October 2016 - 9:09

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී සරසවි සිසුන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධියට විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආණ්ඩුකාර කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරතවුණා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අවහිර වන ලෙස සරසවි සිසුන් බිම හිඳගෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදී සිටි බවයි.

මේ හේතුවෙන් කොළඹ - යාපනය ඒ 9 මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවුණා.

සරසවි සිසුන්ගේ විරෝධතාවයෙන් පසුව ඔවුන් උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලයට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සංදේශයක්ද භාරදී තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධියට විරෝධය පළ කරමින් අද දහවල් ජයවර්ධනපුර, කැළණිය, පේරාදෙණිය සහ රජරට විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා සංවිධාන කර ඇති බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කළේ.




ඡායාරූප - දිනසේන රතුගමගේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories