මඩකලපුව හිටපු නගරාධිපතිනිය ඇතුලු හතරදෙනා රිමාන්ඩ්

Monday, 24 October 2016 - 14:14

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94++%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අත්අඩංගුවට ගනු ලැබූ මඩකලපුව හිටපු නගරාධිපතිනි ශීිවගීතා ප්‍රභාකරන් ඇතුලු හතරදෙනෙකු ලබන මස හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත මඩකලපුව හිටපු නගරාධිපතිනිය ඇතුලු 9 දෙනෙකු මඩකලපුව පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තා.

එම පිරිස අතර හිටපු නගරාධිපතිනියගේ සැමියාද සිටි අතර, ඔහු ඇතුලු පස්දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

එහෙත් මඩකලපුව හිටපු නගරාධිපතිනිය ඇතුලු හතරදෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories