ශ්‍රී ලාංකික නැවියාගේ මරණය ගැන ඉන්දියාවෙන් පරීක්ෂණයක්

Monday, 24 October 2016 - 15:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නැගෙනහිර ඉන්දියාවේ - ඔඩීෂා ප්‍රාන්තයේ - ධම්රා වරායේ නැංගුරම්ලා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක තිබී හමුවූ මියගිය ශ්‍රී ලාංකික නැවියෙකු පිළිබද ඉන්දීය බලධාරින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යකඩ, ලෝපස් රැගෙන චීනය බලා යාමට නියමිතව තිබූ මෙම නෞකාවේ 23 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට ඇති අතර, එහි කපිතාන්වරයා හැර අනෙක් සියලූදෙනාම ශ්‍රී ලාංකිකයන්.

ඊයේ මෙලෙස එම නෞකාවේ තිබී සිරුර හමුවී ඇත්තේ 44 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුගේ වන අතර ඔහු හෘදයාබාධයකින් මියයන්නට ඇතැයි සැකකෙරෙනවා.

කෙසේ නමුත්, ධර්මා සමුද්‍ර පොලිස් ස්ථානය මගින් ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රැගෙන ගොස් ඇති අතර එම වාර්තාව අද අපේක්ෂා කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories