මෝල්ටාවේ ගුවන් අනතුරකින් පස් දෙනෙකු මියයයි

Monday, 24 October 2016 - 15:07

%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෝල්ටාවේ ලූකා ගුවන්තොටුපලෙන් අද උදෑසන නික්මුණු කුඩා ගුවන් යානයක් හදිසියේම කඩා වැටීමෙන් එහි ගමන් ගත් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

යානය ගුවනට නැංවූ විගස ගිනිගෙන කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එම යානය ලිබියාව වෙත ගමන් කිරීමට නියමිතව තිබූ බව සදහන්.

මෝල්ටා දිවයින පිහිටා ඇත්තේ මධ්‍යධරණී මුහුදේ ඉතාලියට දකුණු දෙසින් සහ උතුරු අප්‍රිකාවට ඉහළින්.

අද සිදුවූ අනතුර මෝල්ටාවේ මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම ගුවන් අනතුර ලෙසයි සැලකෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories