යාපනය සරසවි ශිෂ්‍ය සංගමය රජයට කොන්දේසි සහිත ලිපියක් භාර දෙයි

Monday, 24 October 2016 - 18:07

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී මියගිය සරසවි සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන සුදන්දිර රාජා සුලක්ෂන්ගේ අවසන් කටයුතු අද (24) සිදුකෙරුණා.

ඒ යාපනය උඩුවිල් පොදු සුසාන භූමියේදීයි. අනතුරෙන් මියගිය අනෙක් සිසුවා වන නඩරාජා ගජන්ගේ අවසන් කටයුතු ඔහු පදිංචිව සිටි කිලිනොච්චිය - ඉරණමඩු ප්‍රදේශයේදී ඊයේ සිදුකෙරුණු අතර, මෙම සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පොලිසියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

පසුගිය 21 වනදා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම සිසුන් දෙදෙනා මියගොස් සිටි අතර, මුලින් ප්‍රකාශ වුණේ මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ මරණ ලෙසයි.

එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී එක් සිසුවෙකුගේ ශරීරය තුළ තිබී උණ්ඩයක් සොයා ගැණුනා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

මෙම සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසලදී අද උදෑසන විරෝධතා සංවිධාන කර තිබුණේ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විසින්.

විරෝධතාවට සහය පළ කරමින් යාපනය නගරයේ වෙළදසැල් ගණනාවක් වසා දමා තිබූ අතර, නගරයේ තැනින් තැන කළුකොඩි ද ඔසවා තිබූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

පුවරු අතැතිව යාපනය විශ්වවිද්‍යාලය අසලින් පාගමනින් උතුරු ආණ්ඩුකාර කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි සිසුන් මාර්ගය අවහිර කර විරෝධතාවක නිරත වුණා.

පොලිස් නිලධාරින්ගේ නොපැමිණීම නිසා ඒ 9 මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද මෙමගින් බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවය අතරතුර යාපනය දිස්ත්‍රික් ලේකම් එල්.වේදනායගම් වෙත කොන්දේසි සහිත ලියවිල්ලක් ද භාර දුන්නා.

මසක් ඇතුළත වැරදිකරුවන්ට මහාධිකරණයේ නඩු පැවරිය යුතු බව එහි සදහන් කොන්දේසියක්.

ඊට අමතරව, රුහුණ,කැළණිය, පේරාදෙණිය, රජරට විශ්වවිද්‍යාලවල සහ සෞන්දර්ය පීඨයේ සිසු උද්ඝෝෂණ සංවිධාන කර තිබුණේ යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට විරෝධය පළ කරමින්.

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අනුරාධපුර, මිහින්තලේ ප්‍රධාන මාර්ගයට පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories