චිලීට ඇප

Tuesday, 25 October 2016 - 10:55

%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ගායන ශිල්පී තිලංක විදූෂ හෙවත් චිලී අද ඇප මත මුදාහැරියා.

ඒ ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව චිලී, රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මත මුදාහරින ලෙසයි විනිසුරුවරයා නියම කළේ.

පසුගිය ඔක්තෝම්බර් 6 වනදා තලංගම ප්‍රදේශයේදී  ඔහු මෙම පහරදීම සිදුකර තිබූ අතර, පොලීසියට භාරවීමෙන් අනතුරුව පසුගිය 11 වනදා අත්අඩංගුවට ගනුු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories