වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

Tuesday, 25 October 2016 - 14:08

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (25) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායකවරයා විසින්.  

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එහි තීරණයයි කථානායකවරයා වෙත එවා තිබුණේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි මෙන්ම තවත් නීතීඥවරයෙකු විසින්  මෙම පෙත්සම් ගොනුකර තිබුණා.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය මෝදර කාලි කෝවිලේදී අද (25) වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පොල් ගැසීමකද නිරත වුණා.

අනතුරුව අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය වැට් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංශෝධන ආණ්ඩුව පිළිගත යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories