Update- ලසන්ත ගැන කියා දිවි නසාගත් හිටපු බුද්ධි අංශ නිලධාරීයාගේ සිරුරු කොටස් කොළඹට

Tuesday, 25 October 2016 - 14:25

Update-+%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගත් බුද්ධි අංශ සමාජිකයාගේ සිරුරු කොටස් වැඩිදුර පරික්ෂණ සදහා කොළඹට රැගෙනවිත් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (25) දහවල් පැවති දෙවන පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව විමර්ශන නිලධාරින් එම සිරුරු කොටස් කොළඹට රැගෙන ආ බවයි.

ඔහුගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බව කෑගල්ල මහ රෝහලේ අද (25) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද තහවුරු වුණා.

කොළඹ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එම පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.


Update- Tuesday, October 25, 2016 7.33pm
---------------------------------------------------------

පසුගියදා ගොඩගනු ලැබූ විශ්‍රාමික හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ ඇගිලි සලකුණු ලබා ගැනීම සහ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමේ කටයුතු කෑගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ඇතුළු ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් හමුවේයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා සියදිවි හානිකර ගත් 52 හැවිරිදි ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්න විශ්‍රාමික හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ දේහය කෑගල්ල -  පුවක්දෙණිය පොදු සුසාන භූමියේ මිහිදන් කර දින තුනකට පසු ගොඩ ගනු ලැබුවේ පසුගිය 19 වැනිදායි.  

කෑගල්ල - කරඩුපන ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා තමන් පදිංචිව සිටි නිවසේ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සොයා ගනු ලැබුවේ පසුගිය 14 වැනිදා අලුයම් කාලයේදීයි.

මියයෑමට පෙර ඔහු විසින් ලියන ලද බව කියන ලිපියක් ද සොයාගත් අතර, එහි සටහන් කර තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තම මිතුරා වන මලින්ද උදලාගම නිදහස් කරන ලෙසයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories