බැඳුම්කර ගණුදෙනුවේ කෝප් වාර්තාව මැතිසබයත් උණුසුම් කරයි

Tuesday, 25 October 2016 - 18:06

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පිළිබඳ මතුව ඇති සංවාදය නිසා අද (25) පාර්ලිමේන්තුවත් උණුසුම් වුණා.

එහිදී මෙම සතිය තුළ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ.

වාර්තාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළ අතර, ඔවුන් කියා සිටියේ වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බවට සැක මතුවන බවයි.

කමිටුවේ සභාපති හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඉන් නැගිට යාම පිළිබඳවද ඔවුන් ප්‍රශ්න කළා.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අසීරු කටයුත්තක නිරත වූ බවයි.

වාර්තාව ඉදිරිපත් වූ පසු ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකි බව ඔහු සඳහන් කළා.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙන්ම සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරනු දක්නට ලැබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories