Update :-කුඩු රොෂාන් ඇතුළු 11 දෙනා පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කරයි

Wednesday, 26 October 2016 - 6:36

Update+%3A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+72+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේදී පුද්ගලයන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා පැය 72 ක රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ කුඩු රොෂාන්ගේ ඥාති නිවසක සැගව සිටියදීයි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීමට යොදා ගත් ටී 56 ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් කඩවත - පුවක්පිටිය - සිතුල්පව්ව දේවාලයේ සගවා තිබියදී ඊයේ පස්වරුවේ සොයා ගනු ලැබුවා.

එහිදී ඝාතනයට ආධාර අනුබල දුන් දේවාලයේ කපුවා සහ ඔහුගේ බෑනා ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්ඩංගුවට ගත්තා.

ඝාතනය සිදුකිරීමට පෙර සිට මෙම ගිනි අවි දේවාලයේ සගවා තිබූ බවට සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනාම වයස අවුරුදු 30 ට අඩු තරුණයින් බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සදහන් කළේ.



Update- Wednesday, October 26, 2016 01.50pm
------------------------------------------------------------------
මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේදී පුද්ගලයන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කුඩු රොෂාන් ඇතුළු 11 දෙනෙකු අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ සැගව සිටියදී ඊයේ (25) පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කළේ.

සැකකරුවන් සතුව තිබූ ටී.56 ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් පොලිස් භාරයට ද ගෙන තිබෙන බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

පසුගිය ඉරිදා රාත්‍රියේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පාතාල නායක චූටි උක්කුවා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනයට ලක්වුණා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් තිදෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය තවමත් බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.

පසුව මෙහි පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දුන් අතර ඒ අනුව අනාවරණ වූයේ මෙම ඝාතනයට හේතුව මීට පෙර සිදුවූ ඝාතන සිද්ධීන් දෙකක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories