Update:-පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි - අදත් තද වැසි

Wednesday, 26 October 2016 - 6:53

Update%3A-%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
මධ්‍යම බෙංගලා බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවයිනට ඊසාන දෙසින් කිලෝමීටර් 1300 ක් දුරින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙමගින් දිවයිනට ඍජු බලපෑමක් නොමැති නමුත්, අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සදහන් කළේ.

Update-Wednesday, October 26, 2016  8.50am
-----------------------------------------------------------------

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වන බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල උදැසන කාලයේ දීද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories