පාර්ලිමේන්තුවේ යලි මයික්‍රොෆෝන ප්‍රශ්නයක්

Wednesday, 26 October 2016 - 12:44

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B7%86%E0%B7%9D%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එකතු කළ අගය මත බදු සංශෝධන හෙවත් වැට් බදු සංශෝධ පිළිබඳ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා.

මෙම විවාදය ආරම්භ කළේ මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින්.

මේ අතර අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට සපයා ඇති මයික්‍රෆෝන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් සිදු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ මේ වනවිට සවිකර ඇති සුදු පැහැයෙන් යුත් මයික්‍රොෆෝන නිසා පාර්ලිමේන්තුවේ අලංකාරත්වයට හානියක් සිදුවන බවයි.

තමන් ද එය පිළිගන්නා බව සදහන් කළ මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයා සභාවේ මේසවල පැහැය හා මයික්‍රොෆෝන පැහැය වෙනස් නිසා ජෙෆ්රි බාවාගේ සංකල්පයට හානියක් සිදුවන බව සදහන් කළා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බලන බවයි නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories