ලබන වසරේ දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක්

Wednesday, 26 October 2016 - 12:57

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන වසරේ පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුවට සමගාමීව විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට අවධානය යොමුවී තිබෙනවා.

බුද්ධ ශාසන අමාත්‍යාංශය සදහන් කළේ ලබන වසරේ මැයි මස 11, 12 සහ 13 යන දිනයන්හි දී ලෝක බෞද්ධ සමුළුව මෙරට පැවැත්වීමට ජගත් සංවිධානයේ වෙසක් දින කමිටුවේ එකඟතාවය පළ වී ඇති බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහි සමාරම්භක උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි එක්වනු ඇති.

මෙම ලෝක බෞද්ධ සමුළුව සදහා විදේශීය නියෝජිතයින් 2000 කට ප්‍රමාණයක් සහභාගි වීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සදහන් කළා.

එම පිරිසට දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සදහා මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories