බැඳුම්කර සිද්ධිය ගැන කෝප් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

Thursday, 27 October 2016 - 7:01

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවසන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

 ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ඊයේ රාත්‍රියේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

බැඳුම්කර සිද්ධිය පිළිබඳව අවසන් සාකච්ඡාව සඳහා කෝප් කමිටුව ඊයේ පස්වරු 2.30ට පාර්ලිමේන්තුවේදී යළි රැස්වුණා.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන අවසන් නිර්දේශවලට කමිටුවේ සියලු සාමාජිකයන් එකඟතාව පළ කළ බවයි මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories