වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි මන්ත්‍රීවරුන් 65 ක් ඡන්ද විමසීමට නැහැ

Thursday, 27 October 2016 - 7:12

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+65+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එය දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 66 කින් සම්මත වූ අතර, තුන්වන වර කියවීමේදී සම්මත වූයේ වැඩි ඡන්ද 53 කින්. දෙවන වර කියවීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 112 ක් සහ විපක්ෂව ඡන්ද 46 ක් ලැබී තිබුණා.

තුන්වන වර කියවීම සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළ අතර ඒ අනුවයි යළි ඡන්ද විමසීමක් පැවැත්වනු ලැබුවේ.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 76 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 23 ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 53 කින් පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ජන්ද විමසීමේදී සම්මත වුණා.

වැට් බදු සංශෝධන පණත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 65 දෙනෙකු සභා ගර්භයේ සිටියේ නැහැ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම චමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, සාලින්ද දිසානායක, සී.බී. රත්නායක යන විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ටී.බී. ඒකනායක, ඒ.එච්.එම්. ෆවුසි ඇතුලු නිදහස් පක්ෂයේ සිටින ආණ්ඩුවේ අමාත්‍යවරුන්ද ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැහැ.

රාජිත සේනාරත්න  අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඊයේ රැඳී නොසිටි බවයි එහි සිටි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය භාවිත කළ අතර, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුලු දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුව තුළ සිටියේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories