අනිද්දායින් පසු වැසි වැඩිවීමක්

Thursday, 27 October 2016 - 13:57

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අනිද්දායින් පසු වැසි තත්ත්වයෙහි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දැනට මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කයන්ට් සුළි කුණාටුව දිවයිනට ඊසාන දිගින් කිලෝමීටර් දහසක් පමණ දුරින් ස්ථානගතව ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මෙමගින් දිවයිනට ඍජු බලපෑමක් ඇති නොවුණත් උතුරු පළාතට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

වැසිත් සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories