නමුණුකුල තරණය කළ තරුණයාගේ මළ සිරුර බදුල්ලේ තටාකයක

Friday, 28 October 2016 - 7:24

%E0%B6%B1%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A
බදුල්ල - ස්ප්‍රිංවැලි වත්තේ බ්ලැක්පූල් නැමැති ස්වභාවික තටාකයක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ (27) පස්වරුවේ බදුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගත් බවයි එහි ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී කියා සිටියේ.

මියගොස් ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

ඔහු සිය මිතුරෙකු සමඟ බදුල්ල - ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ තිබෙනවා.

එහි සිට නමුනුකුල කන්ද තරණය කිරීම සඳහා ගොස් යළි පැමිණ මෙම තටාකයේ දියනෑමට ගොස් ඇති බව සදහන්.

එහිදී මෙම අනතුර සිදුව ඇති අතර, ඒ පිළිබඳව මියගිය තරුණයාගේ මිතුරා පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, තරුණයා තටාකයට වැටුණේ කෙසේ දැයි තමා නොදුටු බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් බවයි පොලිසිය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories