ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහායක මයික් පෙන්ස්ගේ ගුවන් යානය අනතුරක

Friday, 28 October 2016 - 8:33

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහායකයා වන උප ජනාධිපති අපේක්ෂක මයික් පෙන්ස් ගමන් ගත් ගුවන් යානය නිව්යෝක් නුවර ගුවන්තොටුපලකට ගොඩබස්වද්දී ධාවන පථයෙන් ඉවතට විසිවී තිබෙනවා.

මයික් පෙන්ස් ඇතුළු මගීන් 30 දෙනෙකු මෙම යානයේ ගමන් කර ඇති අතර, ඔවුන් කිසිවෙකුට මෙම අනතුරින් තුවාල සිදුවී නැහැ.

කෙසේ නමුත්, ඔවුන් යානයෙන් ඉවත් කරගෙන ඇත්තේ එහි පිටුපස ආරක්ෂිත දොරටුවෙන් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

යානයේ තිරිංග තද කිරීමත් සමග එහි රෝද දැවෙන ගන්ධය තමන්ට දැණුනු බව මගීන් ප්‍රකාශ කර තිබෙනවා.

මයික් පෙන්ස් නිව්යෝක් නුවර ලගාඩියා ගුවන්තොටුපලට පැමිණ ඇත්තේ අයෝවා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි වීමෙන් අනතුරුවයි.

අනතුරකට මුහුණ දුන්න ද යානයේ සිටි සියල්ලන් නිරුපද්‍රිතව සිටීම ගැන අතිශයින් සතුටට පත්වූ බව මයික් පෙන්ස් පසුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories