මහබැංකු බැදුම්කර සිද්ධිය මූල්‍ය දුෂණයක් - අර්ජුන් මහේන්ද්‍රන් ඍජුවම සම්බන්ධයි - කෝප් කමිටු සභාපති

Friday, 28 October 2016 - 11:08

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8D%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මහබැංකු බැදුම්කර ගණුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඍජුව වගකිව යුතු බව කෝප් කමිටු වාර්තාව මගින් ප්‍රකාශ කර තිබෙනවා.

එම වාර්තාව, කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය පිටු 55 කින් සමන්විතයි.

එහෙත් අතුරු වාර්තා සහ ඇමුණුම් ඇතුළුව සමස්ත වාර්තා ලිපිගොනුව පිටු 2000 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වනවා.

මහබැංකු බැදුම්කර සිද්ධිය පිළිබද කෝප් කමිටු වාර්තාවට නිගමනයන් සහ නිර්දේශ 15 ක්ද ඇතුළත්.

කමිටු වාර්තාව ඉදිරිපත් කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සදහන් කළේ මෙම ගණුදෙණුවේදී පැහැදිලි ලෙස මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවයි.

ඒ අනුව, එම පාඩුව ගණුදෙනුවට අදාළ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ ඊට වගකිව යුතු පුද්ගලයින්ගෙන් අය කර ගැනීමට මෙන්ම, ඊට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුව නිර්දේශ කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් එම වාර්තාව සැකසීමේදී ඇතිවූ අභ්‍යන්තර සිදුවීම් සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

එහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, දිනේෂ් ගුණවර්ධන, වීරකුමාර දිසානායක, අමාත්‍ය රාවුෆ් හකීම් මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද ඊට මැදිහත්වුණා.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටියේ මෙම වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories