දුම්රිය හරස් මාර්ග 687ක් අනාරක්ෂිත වෙයි

Monday, 31 October 2016 - 7:22

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+687%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඒ, සිය වැටුප රුපියල් 14,000ක් බවට පත් කරන ලෙස රජයට බලකරමින්.

මීට පෙර ආණ්ඩුව එකඟ වූ රුපියල් 5000ක වැටුප් වැඩිවීම හෝ මෙතෙක් ලබා දී නොමැති බවයි එම එකමුතුවේ සභාපති ජේ.ඒ.සී. ප්‍රේමලාල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් බඳවාගැනීම සිදුකර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව මගින්.

මේ නිසා ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන්ගේ වැටුප් වැඩිකළ නොහැකි බවට විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කරන බවයි අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 687ක් පවතිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories