කඩවත - කොටුව සහ කිරිල්ලවල - කොටුව පෞද්ගලික බස් රථ වර්ජනයක්

Monday, 31 October 2016 - 8:02

%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%AD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%BD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ සේවා කිහිපයක් අද උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මාර්ග අංක 138 කඩවත - කොටුව, කිරිල්ලවල - කොටුව, ගම්පහ - කොළඹ සහ නිට්ටඹුව - කොළඹ පෞද්ගලික බස් රථ මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

දුර ගමන් සේවා බස් රථ සහ කෙටි ගමන් සේවා බස් රථ රියදුරන් අතර පසුගිය බ්‍රහස්පතින්දා ගැටුමක් ඇති වී තිබෙනවා.

මෙම ගැටුම සම්බන්ධයෙන් කෙටි ගමන් සේවා බස් රථ රියදුරන් කිහිපදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමිනුයි මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories