එට්කා විරෝධීන්ට ප්‍රහාරයක්

Monday, 31 October 2016 - 13:21

%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රජය විසින් ඉදිරියේදී ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදමින් පුද්ගලයන් කිහිප දෙනෙකුට කිසියම් පිරිසක් අද (31) උදෑසන පහරදී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය මෙලෙස අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් සිදුකරනු ලැබුවේ කොටුව දුම්රියපොල ඉදිරිපිටදීයි.

එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පිරිසක් ඔවුන්ට පහරදී ඇති බව කොටුව පොලිසිය සදහන් කළා.

පහරදීමට සම්බන්ධ පුද්ගලයින්ගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories