මට්ටක්කුලිය පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

Monday, 31 October 2016 - 16:18

%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%82%E0%B6%A0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මට්ටක්කුලිය - සමිටිපුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රසාද් රුවන් හෙවත්, කුඩු රොශාන් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අද ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ඉන් සැකකරුවන් 11 දෙනෙකු එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 23 වන දා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ‘චූටි උක්කුවා’ නැමති පාතාල කල්ලි නායකයා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, නිට්ටඹුව - ඌරාපොළ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ගෙල සිරකර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

54 හැවිරිදි හෝටල් හිමිකරුවකු වන මෙම ව්‍යාපාරිකයා ඌරාපොළ පිහිටි ඔහුට අයත් හෝටලය තුළදීම ඝාතනය කර තිබූ බවයි පොලීසිය සදහන් කළේ.

අද අලූයම 3.30ට පමණ ඔහුගේ මළ සිරුර හෝටලය තුළ තිබී හමුවූ අතර, මොහු ඊයේ රාත්‍රියේ ඝාතනය කර ඇතැයි සඳහන්.

සැකකරුවන් අවුරුදු 20ත්, 30ත් අතර වයසේ පසුවන තරුණයන් වන අතර, කොල්ල කෑමේ අරමුණින් ඔවුන් මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories