ආබාධිත රණවිරු විශ්‍රාමිකයන් තවමත් මහ පාරේ - පිටකොටුවේ සිට කොටුවට පාර වැසෙයි

Monday, 31 October 2016 - 18:18

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ක්‍රියාත්මක කරන විරෝධතාවය තවදුරටත් පැවැත්වෙනවා.

අද උදෑසන කොළඹ කොටුව - දුම්රියපොළ ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් ආරම්භ කළ ආබාධිත රණවිරුවන් පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා.

එහිදී ආබාධිත රණවිරුවන් 6 දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සිය ගැටළුව සංදේශයක් මගින් එහි අතිරේක ලේකම්වරයෙකු වෙත භාර දෙනු ලැබුවා.

මෙම විරෝධතාවය හේතුවෙන් අද පෙරවරුවේ ලෝටස් වට රවුමෙන් ගාලුමුවදොර දෙසට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමීමට ද පොලීසිය පියවර ගනු ලැබුවා.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයට පැමිණ කොළඹින් පිටවන මංතීරුව මත වාඩි වී විරෝධතාවයේ නිරත වනවා.

ඒ හේතුවෙන් පිටකොටුවේ සිට  ඕල්කට් මාවත ඔස්සේ කොටුව දෙසට ගමන් කරන මංතීරුව පැය 4කට ආසන්න කාලයක් තිස්සේ තවදුරටත් වසා දමා තිබෙනවා.

මේ වන විටත් ඔවුන් එම විරෝධතාවයේ නිරත වන අතර තම ගැටළුවට ලිඛිතව විසදුම් ලබාදෙන තෙක් විරෝධතාව අවසන් නොකරන බවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති කෝප්‍රල් යූ.ඞී.වසන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories