කේරළ ගංජා කිලෝ 73ක් කරෙයිනගර් හිදී අත්අඩංගුවට

Tuesday, 01 November 2016 - 8:40

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+73%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කරෙයිනගර් - කෝවිලාන් මුහුදු තීරයේ සාම්බල් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන ලද වැටලීමකදී ඉන්දියාවේ සිට ගෙන්වන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 73යි, ග්‍රෑම් 900ක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමඟම ඩින්ගි බෝට්ටුවක් සහ ගංජා තොගය මෙරටට රැගෙන ආ පුද්ගලයින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

කරෙයිනගර් නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුව අදාළ වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරුවන් කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories