අභ්‍යාවකාශයේ මාස 4ක් ගත කළ ගගනගාමීන් යළි පෘථිවියට

Tuesday, 01 November 2016 - 14:18

%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B6%9C%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අන්තර් ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දින 115ක් ගත කළ ගගනගාමීන් 3 දෙනා කසක්ස්ථානයේ බයිකොනූර් ගගන මධ්‍යස්ථානයට ඊයේ නැවතත් ළඟා වුණා.

පැය තුන හමාරක අභ්‍යාවකාශ චාරිකාවකින් මෙලෙස පෘථිවියට පැමිණුනේ රුසියානු ගගනගාමී ඇනටෝලි ඉවනිෂින්, නාසා විද්‍යාඥ කේට් රුබින්ස් සහ ටකුයා ඔනිෂි නමැති ජපාන ගගනගාමියායි.

මෙම අභ්‍යාවකාශ චාරිකාවේදී නාසා විද්‍යාඥ රුබින්ස් ප්‍රථමවරට අභ්‍යාවකාශයේදී ජාන පරීක්ෂාවක් සිදුකළා.

එය අනාගත උඩු ගුවන් මධ්‍යස්ථානයක ඇති විය හැකි බැක්ටීරියා ආසාදනයකට ප්‍රතිකාර සෙවීමේ මූලික පියවරක් ලෙසයි සැලකෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories