විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට- හේතුව අකුණු සැර වැදීමක්

Wednesday, 02 November 2016 - 7:03

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7-+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඊයේ ඇති වූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සැළසුම් අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ග තුනකට ඊයේ අකුණුසැර වැදීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වූ බවයි.

රාත්‍රී 8.20ට පමණ ඇති වූ මෙම දෝෂයත් සමඟ දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වුණා.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන තවදුරටත් කියා සිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂය හේතුවෙන් ලක්ෂපාන ජල විදුලි බලාගාරය සහ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන යන්ත්‍රය අක්‍රිය වූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories