යාපනය සිසුන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා කඩිනම් කරන්න - ජනපතිගෙන් නීතිපතිට උපදෙස්

Wednesday, 02 November 2016 - 7:54

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී පසුගිය 21 වනදා මිය ගිය සරසවි සිසුන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නීතිපතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එම වාර්තාව ලැබුණු පසු අදාළ සිසුන්ගේ පවුල්වලට වන්දි ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් එම සරසවියේ උප කුලපතිවරයා, ප්‍රධාන ආචාර්යවරුන් සහ ශිෂ්‍ය නියෝජිතයන් ඊයේ ජනාධිපතිවරයා හමුවී සාච්ඡාවක් පවත්වනු ලැබුවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන්ද එක්ව සිටියා.

මෙහිදී ශිෂ්‍ය නියෝජිතයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මිය ගිය සරසවි සිසුන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories