අම්පාර - උහන කුඹුරක පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

Thursday, 03 November 2016 - 9:25

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+-+%E0%B6%8B%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්පාර - උහන - මායාදුන්න ප්‍රදේශයේ කුඹුරක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගොවිතැන් කිරීම සඳහා ඊයේ කුඹුර වෙත ගොස් සිටි මෙම පුද්ගලයාගේ මළ සිරුර අද උදෑසන සොයාගෙන ඇති බවයි.  

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 36 ක් වයැසති මායාදුන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයාගේ සිරුර අසල මැරී සිටි පොළගෙකු හමුවූ බව අප වාර්තාකරු පැවසුවා.

මොහුගේ මරණය සිදුවී ඇත්තේ පොළගා දෂ්ට කිරීමෙන්ද යන්න තවමත් අනාවරණයවී නැහැ.


ඡායාරූප- අම්පාර සමන් චන්ද්‍රතිලක




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories