බෙංගාල බොක්කේ පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වෙයි

Friday, 04 November 2016 - 8:45

%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති පීඩන අවපාතය දිවයිනට ඊසාන දෙසින් කිලෝමීටර් 800 ක පමණ දුරින් ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ඍජු බලපෑමක් නොපැවතුණ ද අද දිනය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු වනවා.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තද වැසි සහ ප්‍රබල අකුණු අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories